ජෝ බයිඩන්ගේ පුතා ගැන විමර්ශනයක්

ඇමෙරිකාවේ හිටපු නියෝජ්‍ය ජනාධිපතිවරයකු මෙන්ම ලබන 2020 ජනපතිවරණයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වනු ඇතැයි විශ්වාස කෙරෙන ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන් සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ කරන බව යුක්රේන නීතිපති කාර්යාලය පවසා ඇත.
2014 වසරේඔබාමා පරිපාලනය පැවැති සමයේ දී ජෝ බයිඩන් ඇමෙරිකාවේ නියෝජ්‍ය ජනපති ධුරය හොබවද්දී, ඔහුගේ පුතා හන්ටර්, ‘බුරිස්මා’ යුක්රේන තෙල් සහ ගෑස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් විය.
රාජ්‍ය තාන්ත්‍රික බලතල යොදා ගනිමින් හන්ටර් අයථා ගනුදෙනු සහ දූෂණ වංචා රැසකට සම්බන්ධ වූ බවට එවකට සිටි යුක්රේන නීතිපතිවරයා විශේෂ විමර්ශනයක් ඇරැඹූ නමුත් ජෝ බයිඩන්ගෙන් ඊට බලබෑම් එල්ල වුණු බව පැවැසෙයි.
එල්ල වුණු එම බලපෑම් සම්බන්ධයෙන් ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි යුක්රේන ජනාධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගෙන් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉල්ලීමක් කර ඇත. ඒ හුදෙක් බයිඩන්ට මඩ ගැසීමේ අරමුණ ඇතිව යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර කතාබහ සිදුවූයේ පසුගිය ජූලි 25 වැනිදා දුරකතනය හරහාය. එම කතාබහ ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයට අනාවරණය කළේ ධවල මන්දිරයට අනුයුක්තව කටයුතු කරන සි.අයි.ඒ. බුද්ධි නිලධාරියෙකු බව හඳුනාගෙන ඇත. ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට සැරැසෙන්නේත්, ඒ ගැන විශේෂ විමර්ශනයක් පැවැත්වෙන්නේත් එම හෙලිදරව්වෙන් පසුවය.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

