ජෝර්දාන් ගුවන් නියමුවා ගුවන් අනතුරින් දිවිගලවා ගනියි



සෞදි අරාබියේ නජ්රන් හිදි සිදුවූ ගුවන් අනතුරින් ජීවිතය බේරාගැනීමට එම ගුවන් යානය පියාසර කල ජෝර්දාන් ගුවන් නියමුවා සමත්වී ඇති බව යේමනයේ නිත්‍යානුකූල ආණ්ඩුවක් සදහා වන සෞදි නායකත්වයෙන් යුත් සන්ධානය නිවේදනය කල බව  ජි.ඩි.එන්.ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

F-16 ගුවන් යානය ප්‍රහාරයන් සදහා භාවිතා කරන කෆීර් වර්ගයේ ගුවන්යානයක් වේ. 

ඇමරිකාවේ නිෂ්පාදිත යුධ ගුවන් යානයක් වන මෙය කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවී ඇති අතර ගුවන් නියමුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සන්ධානය ප්‍රකාශ කල බව වෙබ් අඩවිය වැඩිදරටත් සදහන් කර ඇත.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන්.ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS