ජෝර්ජ් කුමාරයාටත් තර්ජන

ලොවට තර්ජනයක් වී සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ හිතවාදීන්ගෙන් බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් කුමරුන්ට ද මරණ තර්ජන එල්ල වී ඇතැයි පුවත් සේවා වාර්තා කළේය.
අයි.එස්. හිතවාදීන්ගෙන් ජෝර්ජ් කුමරුට තර්ජනය එල්ල වී ඇත්තේ ‘ටෙලෙග්‍රෑම්’ නමින් හැඳින්වෙන ජංගම දුරකතන පණිවුඩ සේවය ඔස්සේය. අයි.එස්. හිතවාදීන් එම තර්ජනාත්මක පණිවුඩය එවා ඇත්තේ පාසල් යන ජෝර්ජ් තුමරුන්ගේ ඡායාරූපයක් ද පළ කරමිණි. ‘රජ පවුලේ කාටවත් අපෙන් සමාවක් නැහැ’ යනුවෙන් එම පණිවුඩයේ සඳහන් වෙයි.
තර්ජනාත්මක පණිවුඩය එවනු ලැබුවේ කවුරුන්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, කුමරු අධ්‍යාපනය ලබන බෙටර්සී පාසලට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවත් ආරක්ෂක අංශ පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

