ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් සමුගනී

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ජනාධිපති පියකු ද වන ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි.
ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් යනු ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ පියාය. ජ්‍යෙෂ්ඨ මෙන්ම ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකයකු ලෙස සැලකෙන ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ඇමෙරිකා ජනාධිපති ධුරය හෙබවූයේ 1989 සිට 1993 තෙක් කාලයේය. ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ජනාධිපති රොනල්ඞ් රේගන් යටතේ ධුර කාල දෙකක් උප ජනාධිපති ලෙස ද කටයුතු කර ඇත.

ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයාය. ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ බාබරාය. ඇය මීට මාස 7 කට පෙර දිවියෙන් සමුගත්තාය. ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් පසුගිය කාලය පුරාවට අයහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවිය.
(රොයිටර්ස්)

