ජොන් උන්ගේ සොහොයුරියට වැඩි බලතල

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය කිම් යෝ ජොන් ට වැඩි බලතල පවරා දී ඇති බවත්, දැන් ඇය උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස කටයුතු කරන බවත් දකුණු කොරියා බුද්ධි අංශ පවසයි.
සොහොයුරිය කිම් යෝ ජොන්, මේ වනතුරු සොහොයුරු කිම් ජොන් උන්ගේ උපදේශිකාව ලෙසත්, විශේෂ නියෝජිතවරිය ලෙසත් කටයුතු කළාය. දකුණු කොරියාව සමඟ පැවැති සාම සාකච්ඡාවලට කිම් ජොන් උන් නියෝජනය කරමින් සහභාගී වූයේ ද කිම් යෝ ජොන් ය.
කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස නම් කිරීමෙන් පසු, කිම් ජොන් උන්ගෙන් පසු උතුරු කොරියාවට මීළඟට නායකත්වය දෙන්නේ ද කිම් යෝ ජොන් ය. කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස කිම් යෝ ජොන් නම් කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියා කම්කරු පක්ෂය ඒකමතික කැමැත්ත පළ කර ඇති බව ද පැවැසෙයි.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)

