ජෙෆ්රි ලෑන්ග්ලෑන්ඩ්ස් සමුගනී



යටත් විජිතයක් වූ ඉන්දියාවට නිදහස ලැබී, ඉන්දියාව සහ පාකිස්තානය දෙකඩ වීමෙන් පසු පාකිස්තානයේ දිගටම රැඳී සිටි බ්‍රිතාන්‍ය නිලධාරී ජෙෆ්රි ඩග්ලස් ලෑන්ග්ලෑන්ඩ්ස් පසුගිය දා ලාහෝර් නුවරදී අභාවප්‍රාප්ත විය.

මියයනවිට ඔහුගේ වයස 101 කි. මේජර් ජෙෆ්රි ඩග්ලස් ලෑන්ග්ලෑන්ඩ්ස් පාකිස්තානයේ කීර්තිමත් ගෞරවාදරයට පත් අධ්‍යාපනඥයෙකි. ඉංග්‍රීසි ගුරුවරයෙකි.

බොහෝ දෙනා ජෙෆ්රි ඩග්ලස් ලෑන්ග්ලෑන්ඩ්ස් හැඳින්වූයේ ‘මේජර්’ යන නමිනි. ජෙෆ්රි ඩග්ලස් ලෑන්ග්ලෑන්ඩ්ස්, ලාහෝරයේ ඇටිච්සන් සරසවියේ ප්‍රාථමීක අංශයේ විදුහල්පතිවරයා ලෙස වසර ගණනාවක් සේවය කළේය.

වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ගේ ඉංග්‍රීසි ගුරුතුමා වන්නේ ද ජෙෆ්රි ඩග්ලස් ලෑන්ග්ලෑන්ඩ්ස් යැයි පැවැසෙයි. මියයන්න පෙර තම ගෝලයකු පාකිස්තාන අගමැති ධුරයට පත් වීම දකින්න ලැබීම තමන්ට ලොකු සතුටක් බව ජෙෆ්රි ඩග්ලස් ලෑන්ග්ලෑන්ඩ්ස් මීට මාස කීපයකට පෙර පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS