ජෙදා පොත්ප්‍රදර්ශනය ජාත්‍යන්තර නොවේ



 

මෙවර ජෙදා පොත් ප්‍රදර්ශනය ජාත්‍යන්තර පොත් පුදර්ශනයක් නොවන බව අරාබි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

එසේ වීමට ප්‍රධාන හේතුව වෙළෙඳ කුටි සඳහා අය කෙරෙන කුලිය අඩු කිරීමට සංවිධායකයන් එකඟ නොවීම බව වාර්තා වෙයි. වර්ග මීටරයකට ඇමෙරිකානු ඩොලර් 200ක් අය කරන අතර පොත් ප්‍රකාශකයෝ එය ඩොලර් 110 දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටිති. එහෙත් සංවිධායකයන් එයට එකඟවී නැත.

මීට අමතරව සවුදි අරාබියට ඇතුළුවීම සඳහා සංචාරක වීසා නිකුත් කිරීමේදී අය කරන ගාස්තුව මෑතකදී ඉහළ දැමීමද පොත් ප්‍රදර්ශනය ජාත්‍යන්තර මට්ටමේ එකක් නොවීමට බලපා ඇත.

මේ දක්වා පොත් ප්‍රදර්ශනයට සහභාගිවිමට කැමැත්ත පළකර ඇත්තේ ප්‍රකාශකයන් 60 දෙනෙකු පමණයයි ඊජිප්තු පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයකු වන මොහමඩ් ෂාබන් පැවසීය.


RECOMMEND POSTS