ජාතිවාදය අවුස්සනවැයි ජනාධිපති ට්‍රම්ප්ට දොස්



ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දොස් අහන්න සිදුවී ඇත.

ට්‍රම්ප්ට දෝෂාරෝපණ එල්ලවී ඇත්තේ, කොංග්‍රස් සභික ඩිමොක්‍රටික් පාක්ෂික එලයිජා කමින්ස් සහ මේරිලන්ඞ් ජනපදයේ බොල්ටිමෝර් නගරය සම්බන්ධයෙන් කළ ට්විටර් පණිවුඩයක් මුල්කොට ගනිමිනි. එලයිජා කමින්ස් අප්‍රිකා ඇමෙරිකා කළු ජාතික කොංග්‍රස් සභිකයෙකි. බොල්ටිමෝරය කළු ජාතිකයන් බහුල නගරයකි.

එලයිජා කමින්ස් නිරන්තරයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නෙකි. බොල්ටිමෝරය එලයිජාගේ පරිපාලනයයට නතුවෙයි. ‘කමින්ස්ගේ දිස්ත්‍රික්කය ගැන මට පිළිකුල්. අපරාධ වැහිවැහැලා. එතැන මනුස්සයකුට ඉන්න පුළුවන් තැනක් නොවෙයි. ඇමෙරිකාවේ තිබෙන බිහිසුණුම තැන තමයි බොල්ටිමෝර්’ යැයි ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS