ජල ගැලීම්: නායයෑම්වලින් 68 ක් මරුට



නැගෙනහිර පිලිපීනයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය ගණන 68 තෙක් ඉහළ ගොස් ඇති බව එරට පුවත් සේවා වාර්තා කළේය.

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් දරුණු හානි සිදුවුණු බව පැවැසෙන්නේ බිකෝල් පළාතටය. නායයෑමට හසුවීමෙන් ගම්මානය කිහිපයක් මුළුමනින්ම පස්වලින් යටවී ගොස් ඇතැයි ද වාර්තා වේ.

උන්හිටිතැන් අහිමි වූ 22,000 ක පිරිසක් සහන කඳවුරුවල ජීවත් වන බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළ බවත් පිලිපීන බලධාරීහු පවසති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS