ජර්මනියේ නව චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්

නව රජයක් පිහිටුවීමට සමත් වූ ඕලාෆ් ෂොල්ස්, චාන්සල්වරයා ලෙස පත් කර ගැනීමට ජර්මන් පාර්ලිමේන්තුව හෙවත් බුන්ඩිස්ටාග් මන්ත්රණ සභාව කටයුතු කළේය.
ඕලාෆ් ෂොල්ස් ට චාන්සල් ධුරයට පත්වන්නේ, වසර 16 ක් එම ධුරයේ කටයුතු කළ ඇන්ජෙලා මර්කල් විශ්රාම යෑමත් සමඟය. පසුගිය සැප්තැම්බරයේ පැවැති ජර්මන් ෆෙඩරල් මැතිවරණයට ඕලාෆ් ෂොල්ස් ඉදිරිපත් වූයේ එරට විපක්ෂ නායකයා ලෙසය.
ඕලාෆ් ප්රමුඛ ඔහුගේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය, මැතිවරණයට ඉදිරිපත් වූයේ සන්ධානයක් පිහිටුවා ගනිමිනි. මැතිවරණ ජයෙන් පසු ස්ථාවර රජයක් පිහිටුවීමට හවුල්කාර පක්ෂ සමඟ එකඟතාවක් ඇති කර ගැනීමට ෂොල්ස් සමත් විය. ඒ අනුව, ඔහු චාන්සල් ධුරයට පත් කර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව සිදුවිය.
පසුගිය සැප්තැම්බරයේ පැවැති ෆෙඩරල් මැතිවරණයෙන් ඇන්ජෙලා මාර්කල් නියෝජනය කළ ඇගේ ප්රජාතන්ත්රවාදී සන්ධානය පරාජයට පත්විය.
(රොයිටර්)

