ජයලලිතාගේ පක්ෂය දෙකඩ වෙලා
අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නට්රාජන් තමිල්නාඩු මහ ඇමැති ධුරයේ දිවුරුම්දීමට සූදානමින් සිටින අතර, ඇයට පක්ෂය සහ විපක්ෂව ජයලලිතා විසින් පිහිටුවනු ලැබූ ‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂය දෙකඩ වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම්’ පක්ෂයේ තමාට පක්ෂ හිතවතුන් කිහිප දෙනකු පිරිවරාගෙන ශෂිකලා මහ ඇමැති ධුරයේ දිවුරුම්දීමට සූදානමින් සිටියාය. ඇයට විරෝධය දක්වන පිරිස් එම දිවුරුම්දීම වළක්වමින් ඉන්දීය ශ්්රෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළහ. ඒ අනුව දිවුරුම්දීම සිදුනොවිණි.
(එන්.ඩී.ටීවී.)

