ජයගත්තැයි විපක්ෂය කියයි

ඊයේ (23) පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්රහණය කළ බව මාලදිවයින විපක්ෂය වන ප්රජාතන්ත්රවාදී පක්ෂය කියයි.
විපක්ෂය පවසා ඇත්තේ සියයට 90 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ප්රජාතන්ත්රවාදී පක්ෂය සියයට 58 ක ඡන්ද ප්රතිශතයක් හිමිකරගෙන තිබුණු බවය.
ප්රජාතන්ත්රවාදී පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද සමඟ සන්ධානගත වෙමිනි. ජනපති ධුර අපේක්ෂකයා මොහොමද් සෝලීය.
(රොයිටර්ස්)

