ජපානය සමඟත් කතා කරනවා

තමන් ජපානය සමඟත් සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත.
උතුරු කොරියාව පසුගිය කාලයේ සිදුකළ දිගු දුර මිසයිල අත්හදා බැලීම් ජපානයට තර්ජනයක් විය. එහෙයින්, උතුරු කොරියාව සහ ජපානය අතර ඇත්තේ ද විරසකයකි.
මේ වනවිට සියලු න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මිසයිල අත්හදා බැලීම් නැවැත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇත.
අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් විවෘත යැයි උතුරු කොරියාව පවසා ඇති නමුත් ජපානය තවමත් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දී නැත.
(ඒ.එෆ්.පී.)

