ජපානය යුද්ධයකට සැරැසෙයි



දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජයට පත් වීමෙන් පසු, යුද මානසිකත්වය මුළුමනින්ම බැහැර කළ ජපානය යළිත් වරක් යුද්ධයකට සූදානම් වන බව වාර්තා වේ.

ජපානයේ ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් හමුදා අභ්‍යාසයක් පැවැත්විණි. ඒ, ජපානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත්, ජපන් වැසියන් එයින් බේරෙන අයුරුත්, හමුදාව ඊට මුහුණ දෙන අයුරුත් සම්බන්ධයෙනි.

අද වනවිට ජපානයට තර්ජනයක් වී ඇත්තේ උතුරු කොරියාවය. පසුගිය මාස කිහිපය පුරාවට උතුරු කොරියාව දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවේය. ඒ, ජපාන දූපත්වලට අනතුරක් වන අයුරිනි.

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ, ඊට මුහුණ දීමට ජපන් හමුදාව ශක්තිමත් කිරීමට තමන්ට බලය දෙන්නැයි ජපන් අගමැති ෂෙන්සෝ අබේ පසුගිය වසරේ හදිසි ඡන්දයක් පැවැත්වීය.

එහිදී, යළි අගමැති ධුරයට පත් වීමට අබේට විශිෂ්ට ජනවරමක් හිමිවිය. එම අවස්ථාවේදී දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඩපණ කරන ලද ජපන් හමුදාව යළි ශක්තිමත් කිරීමට අගමැති අබේ ප්‍රතිඥා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS