ජපානයේ මගී පාරුවක් තල්මසකුගේ ගැටී 87 ක් රෝහලේ

ජපනයේ සොඩෝ දූපත තෙක් යාත්රා කරමින් තිබූ අධිවේගී මගී පාරුවක් තල්මසකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරක් සිදුවුණු බවත්, පාරුවේ ගමන් කළ 87 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බවත්, ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි. අනතුර සිදුවෙද්දී පාරුවේ ගමන් කරමින් සිටි මගීන් ගණන 121 කි.
අල් ජසීරා

