ජපානයේ නව අධිරජ නරුහිතෝ කුමරු

ජපානයේ නරුහිතෝ කුමරු නරුහිතෝ අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළඳියේය.
නරුහිතෝ අධිරාජ්‍යයාගේ යුගය ‘රෙයිවා’ ලෙස නම් කිරීම ද සිදුවිය. එහි අදහස නීතිය හා සාමය යන්නය. තම අපේක්ෂාව සැවොම සාමයෙන් හා සතුටින් සිටිනු දැකීම බව කිරුළු පැළඳීමෙන් පසු නරුහිතෝ අධිරාජ්‍යයා ජපන් වැසියන් අමතමින් පැවැසීය.
59 හැවිරිදි නරුහිතෝ කුමරු, ජපන් අධිරාජ්‍යයා මෙසේ එම ධුරයට පත් වූයේ අධිරාජ්‍යයා ලෙස කිරුළ දැරූ පියා අකිහිතෝ, කිරුළ අත්හැරීමෙනි. අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ අත්හැරියේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය.
ජපන් අධිරාජ්‍යයකු කිරුළ මෙසේ අත්හැරියේ වසර 200 කට පසුව බවත් එය සුවිශේෂී සිදුවීමක් බවත් ජපන් පුවත් සේවා පෙන්වා දුන්නේය. කිරුළු පැළැඳීමෙන් පසු ජපන් රජ පෙළෙපතට අයත් සියලු මුතු මැණික් සහ රණ් භාණ්ඩ ආදිය නරුහිතෝ නව අධිරාජ්‍යයාගේ ආරක්ෂාවට පත් විය.
ජපන් අධිරාජ්‍යයාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතියක් නැත. අද වනවිට ජපන් අධිරාජ්‍යයා යනු ජපානයේ අභිමානය සහ සම්ප්රදාය දිගටම පවත්වා ගැනීමේ සංඛේතයයි.
ටෝකියෝහිදීය (රොයිටර්ස්)

