ජපානයට මහ වැසි 38 ක් මරුට



ජපානයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අවදානම් ප්‍රදේශවල ජිවත් වුණු මිලියන 1.5 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

සහන සේවා සඳහා පොලිසියේ, ගිනි නිවන හමුදාවේ නිලධාරීන් දහස් ගණනක් යොදවා ඇති බවත්, ඔවුන් සහන සේවකයන්ගේ සහායට එක් වී සිටින බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS