ජපන් වැසියන්ගෙන් ට්‍රම්ප්ට විරෝධයක්



සිය පළමු ආසියානු සංචාරය අරඹමින්, ජපානයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පළ කරමින් ටෝකියෝ අගනුවර විරෝධතා රැළි පැවැත්විණි.

ට්‍රම්ප් මෙම ආසියානු සංචාරයට එක් වී සිටින්නේ උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට පමණක් නොව ජපානය ඇතුළු සෙසු ආසියා රටවලට තර්ජනයක් එල්ල වෙමින් පවතින අවස්ථාවකදීය.

උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ මිසයිල වැඩසටහනට විරෝධය දක්වමින්, උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනැවීමට පවා ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ. මෙය උතුරු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ට්‍රම්ප්ට විරෝධය දක්වමින් පමණක් නොව සහාය පළ කරමින් ද රැළි කිහිපයක් පැවැත්විණි. ඒ, සාමකාමී අයුරිනි.

ට්‍රම්ප්ට විරෝධය පළ කරන ජපන් වැසියන් චෝදනා කරන්න වූයේ ට්‍රම්ප්ගේ දළදඬු තීන්දු හා තීරණ හේතුවෙන් යළි ලෝක යුද්ධයක් ඇති වේවි කියාය. ට්‍රම්ප්ට ඇත්තේ යුදකාමී මානසිකත්වයක් යැයි එම විරෝධතාකරුවෝ චෝදනා නගන්න වූහ. කෙසේ නමුත් විරෝධතාකරුවන්ගෙන් ට්‍රම්ප්ට කිසිදු බාධාවක් එල්ල වූයේ නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS