ජපන් පාර්ලිමේන්තුව විසුරුවයි

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඒ අනුව ලබන ඔක්තෝබර් 22 වැනිදා ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. යළි අගමැති ධුරයට පත් වීමට අබේ බලාපොරොත්තු වෙයි. ඒ, දළදඬු තීරණ ගනිමින්, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.
එසේ දළදඬු තීරණ ගැනීම ඔහුට ගැටලුවක් වී ඇත. ඒ සඳහා ජනතා සහාය අවශ්‍ය වෙයි. ජපානය මහ මැතිවරණයකට යන ප්‍රධාන හේතුව එය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)

