ජපන් නැවේ සිටින වැසියන් මුදා ගන්නවා



ජපානයේ යොකොහාමා වරායේ නිරෝධායනය කර තිබෙන ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නමැති කෲස් නැවේ සිටින ඇමෙරිකානුවන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජපානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පවසා ඇත.

ඩයමින්ඞ් ප්‍රින්සෙස් කෲස් නෞකාවේ නිරෝධායනය කර රඳවා තැබෙන ඇමෙරිකානුවන් ඇමෙරිකාවට ගෙන යෑමට විශේෂ ගුවන් යානයක් එවන බවත්, ඇමෙරිකාවට ගෙන යෑමෙන් පසු එම පිරිස වැඩිදුරටත් දින 14 ක් නිරෝධායනය කර තැබීමට පියවර ගන්නා බවත් ජපානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS