ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා දකුණු කොරියාවේ සංචාරයක

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ, නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියහ.
ජපාන අග්‍රාමාත්‍යවරයකු මෙසේ දකුණු කොරියාව බලා පැමිණියේ වසර 12 කට පසුව වීම විශේෂත්වයකි. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්ගෙන් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව රාජය නායකයෝ දෙදෙනා එක්වී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. යටත්විජිත සමයේ ජපානයෙන් දකුණු කොරියානුවන්ට එල්ල වුණු කෙණෙහිලිකම් සම්බන්ධයෙන් තමන් දකුණු කොරිනුවන්ගෙන් සමාව ඉල්ලීමක් කරන බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවේ ජපාන අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමෙන් අනතුරුව, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධන් ද සාකච්ඡා පැවැත්විණි.
උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීම් කරන්නේ ජපාන දූපත්වලට අනතුරක් වන ආකාරයටය. උතුරු කොරියාවෙන් එල්ල වන මිසයිල තර්ජන පිටුදැකීමට තම හමුදාව සීරුවෙන් තැබීමට ද ජපාන රජය කටයුතු කර ඇත. මේ අතර, ජපානය සහ දකුණු කොරියාව, ඇමෙරිකාව සමඟ එක් වී, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා ඇත.
(රොයිටර්)

