ජපන් අගමැති අබේ ධුරයට සමුදෙයි

අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ පවසයි.
අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවේය. අග්‍රාමාත්‍ය අබේ බඩවැල ඉදිමීමෙන් හටගත් රෝගී තත්ත්වයකින් පීඩා විඳින අයෙකි. අබේ පවසා ඇත්තේ තමන් එම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින්නේ ගැටවර වියේ සිට බවය. පසුගිය දිනවල අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කෙරුණේ රෝගී තත්ත්වය උසන්න වීමෙනි.
65 හැවිරිදි ෂෙන්සෝ අබේ, ජපාන අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2012 සිටය. අබේගේ ධුර කාලය මෙම 2021 සැප්තැම්බරයේ අවසන් වෙයි.
ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩිම කාලයක් එම ධුරයේ කටයුතු කළ තැනැත්තා වන්නේ ද අබේ ය. අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ නියෝජනය කරන්නේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයයි. අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමඟ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ සභාපති ධුරය ද අබේට අහිමි වෙයි.
(රොයිටර්)

