ජනාධිපතිවරණය ඇරැඹේ
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද විමසුම, අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර, පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී පැවැත්වෙයි.
මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයෝ සංඛ්‍යාවක් මෙවර ඉදිරිපත්ව සිටිති. අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් ව සිටින නමුත් අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු විය.
ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 කි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 දෙනෙකු වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 කි.
කළුතර දිස්ත්‍රික්කයෙන් 1,024,244, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 923,736, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 903,163, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 741,862, සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 709,622 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් සහ මාතර දිස්ත්‍රික්කයේ සංඛ්‍යාව 686,175ක් ලෙස සුදුසුකම් ලබා තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ හය ලක්ෂ 63,673 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.
යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙකු වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940කි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686කි.
මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166 කි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 කි.
අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081 ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075 කි.