ජනපති පුටින් ගැන ජනතා විශ්වාසය අඩුවෙලා



රුසියානු ජනතාව, ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගැන ඇති විශ්වාසය අඩුවී ඇතැයි නවතම ජනමත සමීක්ෂණයකින් තහවුරු වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

පුටින් කෙරෙහි රුසියානු වැසියන්ගේ විශ්වාසය අඩු වීමට පටන් ගෙන ඇතැයි පැවැසෙන්නේ 2006 වසරේ සිට බවත් මේ වනවිට සියයට 34 ක් තෙක් අඩු වී ඇති බවත් ස්වාධීන ජනමත සමීක්ෂණ ආයතනයක් වන ‘ලෙවාඩා’ පවසා ඇත.

කෙසේ නමුත් රුසියානු රජයේ සමීක්ෂණ සේවා පෙන්වා දෙන්නේ, පුටින් කෙරෙහි ජනතා විශ්වාසයේ වැඩිවීමක් මිසක් අඩුවීමක් දකින්න නොලැබෙන බවත්, 2018 අවසන් වෙද්දී පුටින් කෙරෙහි ඇති ජනතා විශ්වාසය සියයට 53 ක් ව පැවැති බවත්ය.

 (රොයිටර්ස්)


RECOMMEND POSTS