ජගත් මහ ලේකම් බංග්ලාදේශයට



එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්, බංග්ලාදේශයට යෑමට සූදානමින් සිටී.

මියන්මාරයේ සිවිල් ගැටුම් නිසා පණ බේරා ගනිමින්, බංග්ලාදේශ දේශසීමාවට පලාවිත්, සරණාගත කඳවුරුවල වෙසෙන ලක්ෂ 7 කට ආසන්න මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ගැන සොයා බැලීම ජගත් මහ ලේකම්වරයාගේ අරමුණ වෙයි.

සරණාගතයන්ට රැකවරණ දීමට බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ද ජගත් මහ ලේකම්වරයා සොයා බැලීමට නියමිතය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS