ජගත් මහ ලේකම්වරයා එල් නීනෝ ගැන බියෙන්



මිනිස් ක්‍රියාකාරකම්වල අනිසි ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන බවත්, මේ වනවිට ලෝකයේ රටවල් රැසකට බලපෑම් කරමින් ආරම්භ වී ඇති එල් නීනෝ විපරිත කාලගුණ පෙරළිය පවතින අර්බුදකාරී තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට හේතුවෙක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් බිය පළ කරයි.

‘එල් නීනෝ කාලගුණ පෙරැළියේ බලපෑම රටවල් බොහොමයක අත් විඳින්න සිදුවෙලා. යුරෝපා රටවල දැඩි වියළි කාලගුණය හේතුවෙන් ළැව්ගිනි ව්‍යාප්ත වෙනවා. ආසියාවේ රටවලට මහ වැසි ඇද හැළෙනවා. එල් නීනෝ තත්ත්වය ගින්නට පිදුරු දැමීමක් හා සමානයි. අපගේ (මිනිස් ) ක්‍රියාකාරකම් නිසා අවම කර නොගත්තොත් අප මතු පරම්පරාව මහා ව්‍යසනයකට මුහුණ දෙනු නිසැකයි’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS