ජගත් අභ්‍යවකාශ නැවතුම්පොළෙන් ඉවත් වෙන්න තීරණය කරයි

යුක්රේන ආක්‍රමණය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවට පැනැවූ සම්බාධකවලට විරෝධය පළ කිරීමක් ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියාවේ ජාතික අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනය තීරණය කර තිබේ.
‘රොස්කොස්මොස්’ ආයතනයේ නව ප්‍රධානියා ලෙස කටයුතු කරන යූරි බොරිසෝව් මේ බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දැනුම් දුන් අවස්ථාවේදී ජනාධිපති පුටින් පවසා ඇත්තේ එය ඉතා හොඳ තීරණයක් බවය.
යූරි බොරිසෝව්, ‘රොස්කොස්මොස්’ ප්‍රධානියා ලෙස එම තනතුරට පත් වූයේ පසුගිය මීට දින කීපයකට පෙරය. බොරිසෝව්, රුසියන් ජනාධිපති පුටින් ට දන්වා ඇත්තේ ‘රොස්කොස්මොස්’ ආයතනය 2024 වසරෙන් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වන බවය.
අතීතයේ සිට රුසියාව සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් සහ මත ගැටුම් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතුවලදී ඇමෙරිකාවේ ජාතික ගගන විද්‍යා පර්යේෂණ ආයතනය හෙවත් ‘නාසා’ ආයතනය සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ ආයතනය අතරේ සමඟියෙන් සහ සහයෝගයෙන් වැඩ කටයුතු සිදුවිය.
‘නාසා’ ආයතනයට හෝ ‘රොස්කොස්මොස්’ ආයතනයට හෝ දේශපාලනයක් මැදි නොවිණි. 1998 දී රුසියාවත් ඇමෙරිකාවත් එක් වී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ පෘථිවි කක්ෂයේ ඉදි කළේ ඒ අනුවය.
(රොයිටර්)

