ඡන්ද විමසුම දෙසැම්බරයේ



එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රික්සිට්’ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ලබන දෙසැම්බර් 11 වැනිදා සිදු කිරීමට නියමිත යැයි වාර්තා වේ.

අගමැතිනී තෙරේසා මේ සකස්  කළ එම පනත් කෙටුම්පතට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවී ඇති  බව පැවැසෙයි. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ගෙන් ඊට විරෝධයක්  එල්ල වී ඇත. එහෙයින්, පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ දී ගැටලු මතුවනු ඇතැයි බිය පළ කෙරේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS