ඡන්දය දමති



පාකිස්තාන මහ මැතිවරණය අද (25) එරට වේලාවෙන් උදේ 8 ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 6 ට අවසන් වෙයි.

පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂෙබාස් ෂරීෆ් මුස්ලිම් ලීගය එන් පක්ෂය නියෝජනය කරමින් අගමැති ධුරය වෙනුවෙන් තරග වදී.

ඔහුට අභියෝගයක් එල්ල වී ඇත්තේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ගෙනි. මොවුහු දෙදෙනාම ආධාරකරුවන් පිරිවරාගෙන ඡන්දය ප්‍රකාශ කළහ.

ඉම්රාන් ඛාන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවටත් මීළඟ පකිස්තාන අගමැතිවරයා වනු ඇති බවටත් අනාවැකි පළ වී ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS