චෝදනා ප්රතික්ෂේප කරනවා

ප්රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ගෙන් එල්ල වන සියලුම චෝදනා ප්රතික්ෂේප කරන බවත්, දෝෂාභියෝගයට තමන් බියක් නොදක්වන බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් අවධාරණය කළේය.
ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේය.
දෝෂාභියෝගය සම්මත වෙද්දී, ට්රම්ප් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් සිට සැතපුම් දහස් ගණනක් දුරින් මිචිගන් හි ජන රැළියක් අමතමින් සිටියේය. ජනපති ට්රම්ප් ජන රැලියට එක්වුණු පිරිස් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී දෝෂාභියෝගය පරාජය කිරීමට තමන්ට හැකි බවය.
නියෝජිත මන්ත්රී මණ්ඩලයේ පැවැති ඡන්ද විමසුමෙන් පසු දෝෂාභියෝගය සම්මත වුවත්, එයින් ට්රම්ප්ට ජනපති ධුරය අහිමි නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
නියෝජිත මන්ත්රී මණ්ඩලයට ඉදිරිපත් කර ඡන්දය විමසීය දෝෂාභියෝග ක්රියාවලියේ පළමු පියවර වන අතර, දෝෂාභියෝග ක්රියාවලියේ මීළඟ පියවර ඇරැඹෙනු ඇත්තේ සෙනට් මණ්ඩලයෙනි. ඉදිරි දින කිහිපයේ දී දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට යොමු කෙරෙනු ඇත.
ඇමෙරිකා කොංග්රස් මණ්ඩලය, නියෝජිත මන්ත්රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. දෝෂාභියෝගය සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ නඩු විභාගයක් සහ ඉන්පසු ඡන්ද විමසුමක් පැවැත්වෙනු ඇත. නඩු විභාගය පැවැත්වෙන්නේ ශ්රේෂ්ඨාධිකරණයේත්, අගවිනිසුරුවරයාගේත් අධීක්ෂණය යටතේය. එම ඡන්ද විමසුමෙන්, ට්රම්ප් පරාජය වුවහොත්, ඔහුට ජනපති ධුරය අහිමි වනු ඇත. කෙසේ නමුත් සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන්වරුන් සතුව පවතින බැවින්, ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්මත නොවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
මීට පෙර දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවී ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපතිවරුන් දෙදෙනකු වන ඇන්ඩෲ ජොන්සන් සහ බිල් ක්ලින් පමණි. කෙසේ නමුත් දෝෂාභියෝගය හමුවේ මොවුන් වරදකරුවන් වී නැත. මීට අමතරව, 1974 වසරේ දී, රජයේ විමර්ශන කටයුතුවලට බලපෑම් කළේ යැයි ජනාධිපති රිචඞ් නික්සන් ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්රී මණ්ඩලය උත්සාහ කළේ යැයි පැවැසෙයි. එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශනයක් පැවැත්වීමට පෙර, නික්සන් ජනාපති ධුරයෙන් ඉවත් විය.
බැට්ල් ක්රීක්හිදීය (ඒ.එෆ්.පී.)

