චෝදනා ගොනු කෙරේ



මැලේසියා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ එරට හිටපු අගමැති නජීබ් රසාක්ට චෝදනා ගොනු කිරීම ඊයේ (4) සිදුවිය.

නජීබ් රසාක් අගමැති ධුරයේ සිටියදී, රජයේ මුදල් බිලියන ගණනින් අතුරුදන් වුණැයි චෝදනා එල්ල වී ඇත.

හිටපු අගමැතිවරයාට අයත් නිවාසවල තිබී, ඇමෙරිකන් ඩොලර් මිලියන 225 ක් වටිනා අත්බෑග්, ස්වර්ණාභරණ, මුදල් සහ අනෙකුත් භාණ්ඩ රැසක් සොයා ගෙන ඇති බව ද පැවැසෙයි. තමන් කිසිදු වරදක් කර නොමැති බව හිටපු අගමැතිවරයා පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS