චෝදනා ඔප්පු කරන්න



2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වී, එහි ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ බවට එල්ල වන චෝදනා කඩිනමින් ඔප්පු කරන්නැයි ඇමෙරිකාවේ රුසියා තානාපති ඇනටෝල් ඇන්තොනි කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරණය තමන්ගේ හෝ රුසියාවේ හෝ මැදිහත්වීමක් සිදුනොවුණු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

‘ඇමෙරිකා රජය දිගින් දිගටම අපට චෝදනා කරනවා. ඔවුන් ළඟ සාක්ෂි තිබෙනවා කියනවා. එහෙම නම්, ඔවුන් එම චෝදනා ඔප්පු කළ යුතුයි. එසේ කරන්න ඔවුන්ට නොහැකි නම්, දිගටම චෝදනා කිරීමෙන් වළකින්න ඕනෑ’ යැයි ඇමෙරිකාවේ රුසියා තානාපති ඇනටෝල් ඇන්තොනි මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS