චීන හමුදා ග්‍රහණයේ සිටි ඉන්දීය සෙබළුන්ට නිදහස

ඉන්දු චීන දේශසීමා ගැටුමින් පසු, චීන හමුදාව විසින් ඔවුන්ගේ ග්‍රහණයේ රඳවා ගෙන සිටි ඉන්දීය හමුදා සොල්දාදුවන් 10 දෙනා ආපසු ඉන්දියාවට බාර දීමට තීරණය කෙරුණි.
එසේ නිදහස ලැබූ සොල්දාදුවන් 10 දෙනා අතරේ, මේජර්වරුන් තිදෙනකු සහ ලුතිනන් කර්නල්වරයකු සිටින බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සඳහන් කරයි. කෙසේ නමුත් මේ බව ඉන්දීය හමුදාව මෙතෙක් තහවුරු කර නොමැත.
ඉන්දු චීන දේශසීමාව පිහිටා ඇත්තේ ඉන්දියාවට අයත් ලඩාක් පළාතේ ගල්වාන් නිම්නයේය. ඉන්දු චීන සොල්දාදුවන් අතරේ ගුටිබැට හුවමාරු සහ වෙඩි ගැබීම් වාර්තා වූයේ පසුගිය 15 වැනිදාය. චීන සොල්දාදුවන් කළ ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
එම අවස්ථාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, ඉන්දීය සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් චීනයට කිසිදු සමාවක් නොදෙන බවය.
හටගත් අර්බුදය දුරදිග යෑමට ඉඩ නොතබා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉන්දීය හමුදාවත් චීන හමුදාවත් පියවර ගත්තේය. චීන හමුදා ග්‍රහණයේ සිටි ඉන්දීය සොල්දාදුවන්ට නිදහස හිමිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

