චීන වයිරස පරීක්ෂණ කට්ටලය දෝෂ සහිතයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට ඉන්දීය රජය චීනයෙන් මිලදී ගත් පරීක්ෂණ කට්ටල දෝෂ සහිත යැයි ඉන්දියාවේ ප්‍රාන්ත රැසක වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

චෝදනා එල්ල වී ඇත්තේ රාජස්ථානය, කේරළ, තමිල්නාඩු ඇතුළු ප්‍රාන්තවලිනි. වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය වෛද්‍ය සභාවේ අවධානය යෙමු වී තිබේ. චීනයෙන් මෙම පර්යේෂණ කට්ටල ගෙන්වා ගැනීමට ඉන්දීය රජයට උපදෙස් දී ඇත්තේ ද ඉන්දීය වෛද්‍ය සභාවය.

මේ වනවිට ඉන්දියාවෙන් හමුවී ඇති ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 20,000 පසු කර ඇති අතර, මරණ 645 ක් යැයි වාර්තා විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මාර්තු මාසය තෙක් ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කිරීමට කටයුතු කර තිබේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS