චීන පැන්ඩෝ දෙන්නා ෆින්ලන්තයට හිසරදයක්
චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට බාරදීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි.
‘ලුමී’ සහ ‘පයිරී’ යන මෙම පැන්ඩා වලසුන් දෙදෙනා, ෆින්ලන්තයට තෑගි වශයෙන් ලැබුණේ 2018 වසරේදීය. ඒ, චීන ජනාධිපති ෂී ජින්පින් ෆින්ලන්තයේ නිල සංචාරයක නියැලෙද්දීය. ‘ලුමී’ සහ ‘පයිරී’ ‘අතාරී’ නමැති ෆින්ලන්ත සත්වෝද්‍යානයට යැවුණි.
වලසුන් දෙදෙනා සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ ජනප්‍රිය ආකර්ශනයක් බවට පත් වුවත්, උන් නඩත්තු කිරීමට වසරකට යූරෝ මිලියන 8 කට වඩා වැඩි මුදලක් වැය වෙයි. පැන්ඩා වලසුන්ගේ එකම ආහාරය වන්නේ උණ ගස්ය. චීනයෙන් උණ ගස් නොමිලේ ලැබුණත්, ඒවා ගෙන්වා ගැනීම පමණක් නොව, සීතල කාලගුණ තත්ත්වයක පැන්ඩා වලසුන් උණුසුම්ව තබා ගැනීම ද ෆින්ලන්ත රජයට විශාල පිරිවැයක් දැරීම සිදුවෙයි.
චීනයෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස, පැන්ඩා වලසුන් දෙදෙනා, වසර 15 ක් සත්වෝද්‍යානයේ රඳවා ගැනීමට නියමිත වුවත්, මෙම නොවැම්බරයේ පැන්ඩා වලසුන් දෙදෙනා යළි චීනයට යැවීමට බලාපොරොත්තු වන බව ෆින්ලන්ත රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.