චීන එන්නත මිලදී ගැනීමේ අදහසක් නෑ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට චීනය විසින් නිපදවා ඇතැයි පැවැසෙන සිනොවැක්ස් එන්නත, බ්‍රසීල වැසියන් වෙනුවෙන් මිලදී ගැනීමේ කිසිදු අදහසක් නොමැති බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පැවැසීය.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය වන්නේ ද චීනයයි. චීන රජය, එරට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක් වී, කොවිඩ් 19 ආසාදනය වීම වළක්වන එන්නත වන්නේ සිනොවැක්ස් එන්නතය.
මේ වනවිට සිනොවැක්ස් එන්නත චීන වැසියන්ට ලබා දීම සිදු කර ඇති අතර, ලොව පුරා රටවල් ගණනාවක, එම රටවල සෞඛ්‍ය අංශ විසින් තෝරා ගනු ලැබූ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 60,000 කට ද සිනොවැක්ස් එන්නත ලබා දී ඇත. එන්නත ලබා ගත් කිසිවකුට අතුරු ආබාධ ඇති නොවුණු බව ද තහවුරු වී ඇති බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය පවා එන්නතට හිමිවී තිබේ.
ලොව කොවිඩ් 19 ආසාදිතයන් අතින් තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේත් දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේත් බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 5.3 කි. මරණ 1,55,000 පසු කර තිබේ. බ්‍රසීල රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය මැදිහත් වී, එරට තෝරා ගත් පිරිසකට ද සිනොවැක්ස් එන්නත ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, බ්‍රසීල සෞඛ්‍ය ඇමැති එදුරාදෝ පැසුවෙලෝ පෙරේදා (20) මාධ්‍ය හමුවේ කියා සිටියේ, චීනයේ නිපදවූ එන්නත් මිලියන 46 ක ප්‍රමාණයක් බ්‍රසීල වැසියන් වෙනුවෙන් මිලදී ගැනීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බවය. මේ සම්බන්ධයෙන් බ්‍රසීල ආණ්ඩුකාරවරුන් බොහෝ දෙනකු ඔවුන්ගේ සතුට පළ කළේ යැයි ද වාර්තා වේ.
බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ඊයේ (21) කියා සිටියේ, සාර්ථක බව පෙන්නුම් කළත් චීන එන්නතේ අවසන් සායනික අත්හදා බැලීම් තවමත් සම්පූර්ණ නොවන බැවින්, එන්නත බ්‍රසීල වැසියන් වෙනුවෙන් මිලදී ගැනීම කෙරෙහි මෙතෙක් අවධානය යොමු වී නැති බවය.
බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ද කොවිඩ් 19 වයිරසය ආසාදනය වී සුවයට ලැබූවෙකි. ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛදය පර්යේෂකයන් විසින් නිපදවන එන්නත කෙරෙහිය. එන්නත ස්වේචඡාවෙන් ලබාගත් බ්‍රසීල වෛද්‍යවරයා මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඔක්ස්ෆර්ඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ මේ වනවිට ගැටලු මතුවෙමින් පවතී. කෛස් නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධයෙන් බ්‍රසීලයේ පැවැත්වෙන අත්හදා බැලීම් තවමත් නවත්වා නොමැත.
බ්‍රසීලියාහිදීය (රොයිටර්)

