චීනයේ හුවාවි සමාගම ඇමෙරිකාවට නඩු දමයි



චීනයේ හුවාවි සමාගම ඇමෙරිකා රජයට නඩු පැවැරීමක් කළේය. ඒ, ඇමෙරිකා රජයේ (ෆෙඩරල්) ආයතන හුවායි තාක්ෂණික මෙවලම් ඇතුළු නිෂ්පාදන පරිහරණය වළක්වන්නැයි ඉල්ලමිනි.

හුවාවි සමාගම සහ ඇමෙරිකාව අතර අර්බුදයක් පවතී. ඒ, ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක මඟහැර චීනය ඉරානය සමඟ ගනුදෙනු කරන බවට ඇමෙරිකාව හුවාවි සමාගමට චෝදනා කිරීම නිසාය.

හුවාවි සමාගමේ මූල්‍ය ප්‍රධානී මෙන්ග් වොන්ෂූ කැනඩාවේදී කැනඩා ආරක්ෂක අංශ විසින් පසුගිය දා අත්අඩංගුවට ගත්තේ ද ඇමෙරිකාවේ බලපෑම මත යැයි හුවාවි සමාගම චෝදනා කර ඇත.

බීජීංහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS