චීනයේ සිට පැමිණෙනවා නම් ‘කොවිඩ්’ පරීක්ෂණ අනිවාර්යයි

චීනයේ සිට පැමිණෙන සියලු දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු වී, ආසදිතයන් නොවන බව තහවුරු කිරීම අනිවාර්ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, චීනයේ සිට පැමිණෙන අවුරුදු දෙකට වැඩි, සියලු දෙනා දින දෙකක් ඇතුළත ලබා ගත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව පෙන්වන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුය.
දින 10 කට පෙර, ආසාදිතයකු වී සිටි අයකු නම්, ඔහු හෝ ඇය සුවය ලබමින් සිටින බව පෙන්නුම් කරන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් රටට ඇතුළු විය හැකි බව ද ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ආසාදිතයන් නොවන බව තහවුරු කරමින්, ඇමෙරිකාවට ඇතුළු වෙද්දී ආසාදිතයන් වුවහොත්, නියමිත දින ගණන නිරෝධායනයට යොමු කෙරෙනු ඇතැයි ද ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
චීනයෙන් පැමිණෙන සංචාරකයන්ට පමණ නොව, ඉතාලියෙන්, ඉන්දියාවෙන්, තායිවානයෙන් සහ ජපානයෙන් පැමිණෙන සංචාරකන්ට ද තහංචි පැනැවීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
මේ වනවිට චීනය දරුණු ලෙස ‘කොවිඩ් 19’ වසංගතයකට මුහුණ දෙයි. චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා ව්‍යාප්ත වන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ තහවුරු කරගෙන ඇත.
මේ වනතුරු චීන වෛද්‍ය පර්යේෂකයන් විශ්වාස කළේ රටේ ආසාදිතයන් සහ මරණ ඉහවහා යෑමට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති උප ප්‍රභේදය කියාය.
කෙසේ නමුත් ආසාදිතයන්ගේ සාම්පාල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ, කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7 ආසාදිතයන් සිටින්නේ සියයට 15 ක් පමණක් බවය. සියයට 50 කට වඩා වැඩි බහුතරයක් ආසාදිතයන්ගේ සිරුරුවල ඇත්තේ බී.එන්, බී.කියු. සහ එස්.වී.වී. නමැති කොවිඩ් 19 උප ප්‍රභේද යැයි වෛද්‍ය පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.
දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීම නවතා දැමීමට චීන සෞඛ්‍ය අමත්‍යාංශය තීරනය කර තිබේ.
දෛනිකව කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා කිරීමට චීන රජය කටයුතු කර තිබුණේ 2020 වසරේ සිටය.
චීනය බිහිසුණු අයුරින් කොවිඩ්19 වසංගතයකට මුහුණ දෙන්නේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ බැවිනි. රජය එසේ සෞඛ්‍ය සීමා ලිහිල් කළේ ජනතා විරෝධය හමුවේය.
මේ අතර, චීනයේ ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පිළිබඳ තමන් දැඩි විමසිල්ලෙන් පසුවුවත්, චීනයේ සිට පැමිණෙන කිසිවකු සම්බන්ධයෙන් සෞඛ්‍ය නීති දැඩි කිරීමක් කෙරෙහි මෙතෙක් අවධානය යොමු නොමැති බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා තිබේ.
(රොයිටර්)

