චීනයේ ප්‍රධාන නගරයක් වසයි



‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවීමත් සමඟ වයඹදිග චීනයේ ප්‍රධාන නගරයක් ලොක්ඩවුන් කර, නිරෝධායනයට ලක් කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

වයිරස ආසාදිතයන් හමුවී ඇත්තේ ෂෙංග්යැංග් නමැති නගරයෙනි. මෙම නගරයේ මිලියන 7.5 කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවත්, කිසිවකුටවත් නගරයට යෑමට හෝ ඒමට හෝ නොහැකි බවත් වාර්තා වේ. ආසාදිතයන් හමුවීමත් සමඟ නිරෝධායන කඳවුරුවලට යැවුණු පිරිස 7,500 ක් ද යැයි පැවැසෙයි.

‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. වූහාන් නගරයෙන් ද යළිත් වරක් ආසාදිතයන් හමුවීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, ෂෙංග්යැංග් නගරයේ සිට කිලෝ මීටර් 5,000 ක් දුරින් පිහිටා ඇති ජිලින් නමැති නගරයෙන් ද ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇති අතර එම නගරය ද ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

බීජීංහිදීය (එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS