චීනයෙන් පිට පළමු කොරෝනා මරණය



චීනයේ පැතිරෙන කොරෝනා වයිරසය හේතුවෙන් චීනයෙන් පිටත සිදුවුනු පළමු මරණය පිලිපීනයෙන් වාර්තා විය.

මරණයට පත්වුණු පුද්ගලයා චීනයේ සිට පිලිපීනය බලා පැමිණි අයකු බව පැවැසෙයි. පිලිපීන සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ඔහු රෝහල්ගත කරන විටත් නිව්මෝනියා තත්ත්වය උත්සන්න වී තිබුණු බවය.

මියගියේ චීනයේ සිට රෝගී වී ආ අයකු බැවින් කෙසේ නමුත් මෙම මරණය, චීනයෙන් පිට විදේශයකදී සිදුවුණු මරණයක් ලෙස සැලකිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනතෙක් කොරෝනා ආසාදිත මරණ වාර්තා වූයේ චීනයෙන් පමණි.

කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 304 තෙක් ඉහළ ගොස් ඇත.

මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS