චීනයෙන් තවත් කොරෝනා රැල්ලක්



චීනයේ ෂින්ජියැං පළාතෙන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමට පටන් ගෙන ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.

ෂින්ජියැං පළාතේ අගනුවර ලෙස සැලකෙන උරුම්කී මේ වනවිට වසා දමා ඇති බවත්, නගර වැසියන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ආසාදිතයන් සෙවීම සඳහා නගරය පුරා වෛද්‍ය පරීක්ෂණ කුටි ස්ථාපිත කර ඇති බවත් ජනතාව එම පරීක්ෂණවලට යොමු කිරීම හමුදාවේ සහාය ඇතිව සිදුවන බව ද පැවැසෙයි. උරුම්කී නගරයෙන් පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 23 කි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS