චීනයෙන් කොරෝනා වළක්වන එන්නතක්



ලොව පළමු කොරෝනා එන්නත නිර්මාණය කර ඇත්තේ රුසියාව නොව තමන් යැයි චීනය පවසයි.

චීන රජයේ අනුග්‍රහය යටතේ, මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ සිනෝෆාම් ඖෂධ සමාගමය. සායනික පරීක්ෂණ අවසන් වූ සැණින්, චීන විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් මෙම එන්නත චීන වැසියන්ට ලබා දීම ආරම්භ කර ඇත්තේ පසුගිය ජූලි 22 වැනිදාය.

පළමුවෙන් එන්නත ලබා දුන් බව පැවැසෙන්නේ හමුදා සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයටය. ඉන්පසු වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එන්නත ලබා දීමට පියවර ගැණින.

චීනය මෙම කොරෝනා මර්දන එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ කොරෝනා මර්දන එන්නත එළිදැක්වීමට සති තුනකට පෙරය. ලොව පළමු කොරෝනා මර්දන එන්නත නිර්මාණය කළේ තමන් යැයි චීනය පවසන්නේ ඒ නිසාය.

කොරෝනා වයිරදයට එරෙහි එන්නත් නිපදවීමේ තරගයක් පවතී. බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මැදිහත්වීමෙන් ද කොරෝනා මර්දන එන්නතක් නිර්මාණය වෙමින් පවතී. මෙය අතුරු ආබාධ රහිත එකක් යැයි පැවැසෙයි. සායනික පරීක්ෂණ අවසන් වී, මෙම එන්නත බ්‍රිතන්‍ය වැසියන්ට ලබා දෙනු ඇත්තේ ලබන වසරේය.

කොරෝනා එන්නත් නිර්මාණයේ අරමුණ සිරුරේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති කිරීමය. එන්නත ලබා ගැනීම මගින් ‘කොවිඞ් 19’ කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගත හැකිය.

චීනයේ සිනෝෆාම් ඖෂධ සමාගම කොරෝනා වයිරසය නිපදවා ඇත්තේ, කොරෝනා වයිරසයට එරෙහි එන්නත් නිපදවීම සඳහා ආරම්භ කළ කඩිනම් වැඩසටහන යටතේය.  මෙම වැඩසටහන චීන ජනාධිපති ෂී ජින්ගේ අධීක්ෂණය යටතේ සිදුවන්නකි.

රුසියානු විද්‍යාඥයන් නිර්මාණය කළ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නත නම් කර ඇත්තේ ‘ස්පුට්නික් 5’ යන නමිනි. ‘ස්පුට්නික් 5’ එන්නත ලබන සැප්තැම්බරයේ රුසියානුවන් සැමට (අවුරුදු 18 වැඩි සහ 60 ට අඩු) නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියානු ජනාධිපති පුටින්ගේ එක් දියණියක වෛද්‍ය පර්යේෂිකාවක ලෙස රැකියාව කරයි. එන්නත පළමුවෙන් ලබා ගත් කණ්ඩායමට ඇය ද ඇතුළත්ය.

රුසියාව මෙම එන්නත නිපදවා ඇත්තේ චීනයේ ද සහාය ඇතිව යැයි පැවැසෙයි. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

බීජීං නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS