චීනයෙන් කිසිදු ආසාදිතයෙක් නැහැ
ගතවුණු දින 10 ක කාලයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් කිසිවකු චීනයෙන් හමුවී නොමැති බවත්, ආසාදියන් ලෙස හඳුනා ගෙන ඇත්තේ විදේශවල සිට යළි චීනය බලා පැමිණි චීන ජතිකයන් පමණක් බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ නව ආසාදියන් හමු නොවීම සුබ ආරංචියක් බවත්, වයිරසයට එරෙහිව චීන රජය අනුගමනය කළ ක්‍රියා මාර්ග සාර්ථක වී ඇති බවත්ය.
බීජීංහිදීය (රොයිටර්)

