චීනයට අයි.එස්. තර්ජන



චීනයට පහර දෙන බවත් චීන නගර ලෙයින් නවහන බවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීහු අනතුරු ඇඟවූහ.

චීන රජයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන චීනයේ සුළුජාතීන් වන ‘උයිගුර්’ මුස්ලිම් කැරැලිකාර කණ්ඩායම් අයි.එස් ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වයි. බොහෝ ‘උයිගුර්’ වැසියෝ  සිරියාවට ගොස් අයි.එස්. ත්‍රස්තයන් සමඟ එක් වී සිටිති.

අයි.එස්. ත්‍රස්තවාදීන් චීනයට අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි. ඊට හේතු වූයේ චීනය රුසියාවට සහාය දක්වමින් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට පක්ෂව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී නිෂේධ බලය පාවිච්චි කිරීමය.

(රොයිටර්)


RECOMMEND POSTS