චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවක්

රුසියන් හමුදා ග්‍රහණයට නතුවුණු යුක්රේනයේ චොර්නෝබිල් පළාතේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ විකිරණ කාන්දුවක් සිදුවන බවට බටහිර මාධ්‍ය වාර්තා කරයි.
චර්නෝබිල් බලාගාරය සහ ඒ අවට ප්‍රදේශය අල්ලා ගනු ලැබුවේ බෙලරූස් රාජ්‍යය දෙසින් යුක්රේනයට ඇතුළු වුණු රුසියන් හමුදා සෙබළුන්ය. යුක්රේනයේ කියේව් අගනුවරට යා හැකි කෙටිම මාර්ගය වන්නේ චර්නෝබිල් හරහාය. රුසියන් හමුදා මේ වනවිට කියේව් අගනුවර වටලා පහර දෙන්නේ ඒ අනුවය.
1986 වසරේ දී චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක් සිදුවී, විකිරණ කාන්දුවක් සිදුවිය. ලොව බිහිසුණුම න්‍යෂ්ටික ව්‍යසනය වූයේ එයයි. මේ වනවිට එම බලාගාරයේ පාලනය මුළුමනින්ම ඇත්තේ රුසියන් හමුදා සතුව යැයි යුක්රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)

