චන්ද්‍ර ග්‍රහණය අද රෑ



21 වැනි සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය අද (27) දකින්න ලැබෙන බව ජගත් තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පුර්ණ චන්ද්‍ර ග්‍රහණය පැය 1 සහ මිනිත්තු 43 ක කාලයක් පුරාවට දකින්න ලැබෙනු ඇති බව ද පැවැසෙයි.
කෙසේ නමුත් යුරෝපයට, මැදපෙරදිග රටවලට, අප්‍රිකාවට, ආසියාවට සහ දකුණු ඇමෙරිකා රටවලට මෙය අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස දිස්වනු ඇත.

අද රාත්‍රියේ සඳ නිල් සහ රතු මිශ්‍ර වර්ණයකින් දකින්න ලැබෙනු ඇති බව ද පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS