ගෞරව දක්වන්න කිලෝ මීටර් ගණන් පෝළිම්

ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවරට රැගන ආ දෙවැනි එලිසබත් මහ රුජිනගේ දේහය, මේ වනවිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් අව්ව වැස්සප නොතකා කිලෝ මීටර් 4 කට වඩා වැඩි පෝළිම්වල රැඳී සිටිති.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත බව පැවැසෙයි. විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු ලොව නන්දෙසින් සම්භාවනීය අමුත්තන් 2,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය. ඒ, බි්රතාන්ය රජයේ විශේෂ ආරාධනාවකට අනුවය.
ඊට අමතරව, අවමංගල්‍යයට සහභාගී වීමට නියමිත රජ පවුලේ සාමාජිකයන් ගණන 500 ට වැඩිය. රැජිනගේ අවමංගල කටයුතු ශ්‍රී ලංකාවේ වේලාවෙන් ලබන 19 වැනිදා සවස 3.30 ට ආරම්භ වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් ඉයෝල්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලින් ද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ද අවමංගල්‍යයට සහභාගී වන බව දැනුම් දි තිබේ.
(ඒ.එෆ්.පී.)

