ගෝලීය කොරෝනා මරණ මිලියන 3 පසු කරයි

ගෝලීය කොරෝනා මරණ මේ වනවිට මිලියන 3 පසු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කොරෝනා මරණ මිලියන 3 පසු කරද්දී, සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 140 පසු කර ඇත.
තවමත් ලොව කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. මරණ අතින් ලොව දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. ආසාදිතයන් අතින් බ්‍රසීලය ඇත්තේ තෙවැනි ස්ථානයේය.
ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. ඉන්දියාවෙන් මේ වනවිට දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙකකට වඩා වාර්තා වෙයි.
ලොව පුරා මේ වනවිට 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ ඉහළ යෑමට පටන්ගෙන තිබේ. ඊට හේතුව වී ඇත්තේ කොරෝනා වයිරසයේ විකෘති වයිරස ප්රභේදවල සම්ප්‍රේෂණ වේගය වැඩිවීම සහ එම ප්‍රභේද මාරක වීමය.
ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)

