ගෝති‍්‍රක නායකයන් හමුවෙලා



අපි‍්‍රකාවේ ඝානා රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලිනියා ට‍්‍රම්ප් සම්ප‍්‍රදායික ගෝති‍්‍රක නායකයන් කිහිප දෙනකු හමුවූවාය.

සම්ප‍්‍රදායික ඇඳුම්වලින් සැරැුසුණු ‘ෆන්තා නමැති එම ගෝති‍්‍රකයන් ඇමෙරිකන් ජනපති ආර්යාව මහත් හරසරින් සහ ගෞරවයෙන් පිළිගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ගෝති‍්‍රක නායක දෙවැනි ඔසාබි‍්‍රහ්බා සමඟ මෙලිනියා සමරු ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියාය.

අතීතයේ ඝානා රාජ්‍ය බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් විය. ගෝති‍්‍රක නායකයන් හමුවීමෙන් පසු මෙලිනියා බි‍්‍රතාන්‍යයන් විසින් ඉදිකළ කේප් කෝස්ට් කොටුව සහ මාලිගය නැරැඹීමට මෙලිනියා ගියාය.

17 වැනි සියවසේදී ඇමෙරිකාවට කළු වහලූන් ප‍්‍රවාහනය සිදුවී ඇත්තේ මෙම මාලිගය හරහා යැයි ද පැවැසෙයි. 2009 වසරේ දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බැරැක් ඔබාමා ද මෙම මාලිගයේ සංචාරයකට පැමිණියේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS