ගෝත්‍රික ගැටුම් ඉහවහා යයි



නයිජීරියාවේ බිරොම් ගෝත්‍රික ගොවීන් සහ ගවයන් ඇති කරන ෆුලානී ගෝත්‍රිකයන් අතර හටගත් දරුණු ගැටුම් හේතුවෙන් 85 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ගැටුම් පවතින ප්ලැටියෝ පළාතට ඇඳිරි නීතිය පැනැවීමට ද නයිජීරියා රජය පියවර ගෙන ඇති බව පැවැසෙයි.

ගැටුම්වලට හේතුව වී ඇත්තේ බිරොම් ගෝත්‍රිකයන් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානී ගෝත්‍රිකයන් පස් දෙනකු මියයෑමේ සිද්ධියක් යැයි පොලිසිය පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS